මතබේදාත්මක ‘‘විශ්වරූපම්’’ ශ්‍රිී ලංකාවේ ප්‍රදර්ශනයට අවසර.

Sunday, 10 February 2013 - 13:04

%E0%B6%B8%E0%B6%AD%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E2%80%98%E2%80%98%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

මුස්ලිම් ආගමට අපහාස වන අන්දමේ දර්ශන ඇතුළත් වීම නිසා තාවකාලිකව තහනමකට ලක්වූ කොලිවුඞ් නළු කමලා හසන් විසින් අධ්‍යක්‍ෂණය කළ විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ප්‍රකාශ කළා. එහි ඇතුළත් දර්ශන දෙකක් ඉවත් කර එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසරය ලබාදුන් බවයි ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s53114[/MP3]

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජනවාරි මස 24 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.

මුස්ලිම් ආගමට අපහාස වන අන්දමේ දර්ශන ඇතුළත් වීම නිසා මෙම චිත්‍රපටිය දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරිමද තහනම් කිරීමටයි තමිල්නාඩු ප්‍රාන්ත රජය මීට පෙර තීරණය කළේ.

කෙසේ වෙතත් පසුව චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ කමල් හසන් මේ සම්බන්ධයෙන් චෙන්නායි මහාධිකරණයේ නඩු කිහිපයක්ද ගොනු කරමින් ඉල්ලා සිටියේ අදාල තහනම ඉවත් කරන ලෙසයි. ඒ අනුව මේ වනවිට එම චිත්‍රපටය තමිල්නාඩුව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර හිමිවී තිබෙනවා. දකුණු ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ පසුගිය 7 වැනිදා එය ප්‍රදර්ශනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 5 දශම 8 ක ආදායමක් උපයා ඇති බවයි.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Sunday, 07 June 2020 - 11:24

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More