බිළිදෙකු ලක්ෂ 2කට විකිණීමේ තැතක් වරදී.

Sunday, 10 February 2013 - 18:59

%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+2%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

දින 3ක් වයසැති බිළිදෙකු රුපියල් ලක්ෂ 2කට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල රෝහලේ සුළු සේවිකාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුගෙන් අවිස්සාවේල්ල පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ බිළිදෙකු අලෙවි කිරීමට සූදානම්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ 1929 ළමා උපකාරක සේවාව වෙත අද (10) පෙරවරුවේ ඇමතුමක් ලැබී තිබුණා. ඒ අනුව මෙම අධිකාරියේ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකය හා අවිස්සාවේල්ල පොලීසිය ඒකාබද්ධව අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් වැටලීම සිදුකළ බව සදහන්. එහිදී රුපියල් ලක්ෂ 2ක මුදලකට දින 3ක් වයසැති බිළිදෙකු අලෙවි කිරීමට සූදානම් වූ අවිස්සාවේල්ල රෝහලේ සුළු සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල රෝහලේ දී මීට දින 3කට පෙර සීතාවක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මෙම බිළිදා බිහි කර ඇති බව සදහන්. අනතුරුව හදා වඩා ගැනීම සඳහා අදාළ සාත්තු සේවිකාව වෙත මව විසින් බිළිදා භාර දී ඇති බවටයි මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. එහෙත් එම සාත්තු සේවිකාව වෙනත් යුවලකට රුපියල් ලක්ෂ 2ක මුදලකට මෙම බිළිදා අලෙවි කිරීමට සූදානම්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක.

rn

[MP3]s53139[/MP3]

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමග ඒකාබද්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි තවදුරටත් සදහන් කළා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More