ඇමති එස්.බී. ගෙන් හිටපු අගවිනිසුරුවරියට චෝදනා.

Sunday, 10 February 2013 - 19:05

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

2011 / 2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම ප්‍රමාද වීමට හේතුව වූයේ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ ක්‍රියාකලාපය නිසා බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා. මහනුවර - උඩුනුවර ප්‍රදේශයේ අද (10) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

[MP3]s53141_1[/MP3]                                                                                 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ 2011 වසරේ උසස් පෙළ සමත් සිසුන් මාර්තු මාසය අවසන්වීමට පෙර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බවයි.

[MP3]s53141_2[/MP3]                                                                                         

උසස් පෙළ ප්‍රතිඵළ නිකුත් කිරීමේදී මතුවූ ගැටලූවක් හේතුවෙන් අමතර සිසුන් 5609 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නියෝග කරනු ලැබුවා. ඒ අසාධාරණයට පත් සිසුන් පිරිසක් ගොනුකළ පෙත්සම් කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුවයි. හිටපු අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ලබාදුන් එම නියෝගයට අනුව වැඩිපුර තෝරා ගැනීමේදී ප්‍රයෝගික ගැටළු මතුව ඇති බවට පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා යළිත් වරක් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබුවා. අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා එය සලකා බැලීමෙන් අනතුරුව, එකඟතාවයකට පැමිණියේ වැඩිපුර සිසුන් 5609 දෙනා ද විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමටයි.
ඒ අනුව දැනට ප්‍රයෝගික සහ යෝග්‍යතා පරීක්ෂණයෙන් සාමාර්ථ ලකුණු ලැබූ සිසුන් නොසිටින දිස්ත්‍රික්කවල ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා වැඩියෙන් සිසුන් සමත් වී සිටින දිස්ත්‍රික්කවලින් සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනිමේ එකඟතාවයකට අනුවයි. ඒ අනුව මේ වනවිට 2011 / 2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.