මොරටුව පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මාරුවීම්.

Sunday, 10 February 2013 - 19:33

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A.


වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරින් සිව් දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා. මොරටුව පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ. විනය හේතුන් මත මොවුන්ට ස්ථානමාරුවීම් ලබාදී ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙතයි. මොරටුව - එගොඩඋයන, සුනන්දෝප,නන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන සිදුකළේ ද මොරටුව පොලිසිය විසින්. මේ අතර, මොරටුව පොලිසියේ නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඒ.කේ.එස්. ජයනෙත්ති පත් කර තිබෙනවා. ඔහු මීට පෙර පානදුර සහ වැල්ලවත්ත පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර තිබෙනවා.



සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More

පාස්කු කොමිසමේදී දුන් ප්‍රකාශයක් ගැන අද යළි අනාවරණයක් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 19:49

පාස්කු ප්‍රහාරය සිදු වූ දින දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ... Read More

රත්නජීවන් හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Saturday, 06 June 2020 - 19:46

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිෂන්... Read More