බ්‍රසීලයේ සහයත් ශ්‍රී ලංකාවට.

Monday, 11 February 2013 - 7:30

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතුවලදී සිය උපරිම සහය ලබාදීමට සූදානම් බව බ්‍රසීලය පවසනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් බ්‍රසීලයේ නිල සංචාරයක නිරතවී සිටින අතරතුර බ්‍රසීල විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ පෙට්රියෝටා සමග නිල හමුවක් පැවති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා විසින් සවිස්තරව කරුණු පැහැදිළි කර තිබෙනවා. විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සිදුකෙරෙන සීග්‍ර සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් බ්‍රසීල රජය දැනුවත් කිරීමට විදේශ අමාත්‍යවරයා කටයුතු කළ බවයි විදේශ අමාත්‍යාංශය පැවසුවේ.
 
මෙහිදී ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමය තුළ ලබාගෙන ඇති සීග්‍ර දියුණුව බ්‍රසීල රජයේ පැසසුමට ලක්වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය සඳහා බ්‍රසීල රජයේ උපරිම සහයෝගය ලබාදෙන බවට බ්‍රසීල විදේශ අමාත්‍යවරයා සහතික වූ බවයි  විදේශ අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.