පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා දිවයිනට.

Monday, 11 February 2013 - 7:37

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

දෙදින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ නවදිල්ලියේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා ඇතුළු තවත් නියෝජිතයෙකු ඔහු සමග පැමිනි බවයි.

ලබන නොවැම්බර් මසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු පිළිබදව සමාලෝචනයක නිරතවීම මෙම සංචාරයේ අරමුණ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම සංචාරය අතුරතුරදී මහලේකම් කමලේෂ් ෂර්මා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව බලය බෙදීම වැනි කරුණු පිළිබදව ද මෙම සංචාරයේ දී ඔහුගේ අවදානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.