ඉන්දියාවේ තෙරපීමකින් 35 දෙනෙකු මරුට.

Monday, 11 February 2013 - 7:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+35+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දියාවේ අලහබාද් නගරයේ පැවති කුම්බෙලා ආගමික උත්සවයට සහභාගිවීමට පැමිණ සිටි පිරිසකුයි මෙලෙස මියගොස් ඇත්තේ. අලහබාද් දුම්රිය ස්ථානයේ ඇති මගී පාලමක් කඩා වැටීම හේතුවෙන් මෙම බැතිමතුන් මියගොස් ඇති බවයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම බැතිමතුන් පිරිස ආගමික උත්සවය පැවැත්වෙන අලහබාද් නගරයට පැමිණ ඇත්තේ දුම්රියෙන්. මෙම ආගමික උත්සවය සඳහා හින්දු බැතිමතුන් මිලියන 30 ක් පමණ සහභාගි වී ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ගංගා සහ යමුනා නදියේ ජලයෙන් සිරුර දෝවනය කරගැනීම මගින් පව් සේදෙන බවට හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. දින 6 ක් පුරා පැවති මෙම කුම්බෙලා ආගමික උත්සවයක වාර්ෂිකව පැවැත්වෙන්නක්. මෙම උත්සවය සැළකෙන්නේ හින්දු භක්තිකයන් විශාල ප්‍රමාණයක් සහභාගිවන ලොව විශාලතම ආගමික  උත්සවයක් ලෙසයි.