"හලාල් " ජ.වි.පෙට පෙනෙන හැටි.

Monday, 11 February 2013 - 7:56

%22%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%22+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.

හලාල් යනු ව්‍යාපාරික කරුණක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක සෝමවංශ අමරසිංහ මේ බව සදහන් කළේ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්. ඇතැමුන් හලාල් වර්ජනය කරන ලෙස ඉල්ලීමක් කළ ද හලාල් සහතිකය සහිත භාණ්ඩ අඩු මිලට ලබාදුනහොත් පාරිභෝගිකයන් එය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ පෙන්වා දෙන්නේ.

[MP3]s53160_1[/MP3]

මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේ හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලබා දිය යුතු බවයි.

[MP3]s53160_2[/MP3]

කෙසේ වෙතත්, මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව මෙරට හලාල් සහතිකය නිකුත් කරන ජමෙයිතුල්ලා උලමා සංවිධානය පවසනවා. පසුගිය දා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එහි මාධ්‍ය ප්‍රකාශක ෆාදිල් ෆාරුක් මේ බව කියා සිටියේ බොදුබල සේනා සංවිධානය ඇතුළු විවිධ පාර්ශවයන් හලාල් සහතිකය සම්බන්ධයෙන් නගන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.   

[MP3]s53160_3[/MP3]



සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත්
Sunday, 07 June 2020 - 12:08

රජයේ සියළුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්... Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sunday, 07 June 2020 - 11:04

පොළොන්නරුව - වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදී ඊයේ රාත්‍රියේ... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 488 දක්වා ඉහළට
Sunday, 07 June 2020 - 11:01

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More