පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම්, ජනපති හමුව අද.

Monday, 11 February 2013 - 13:34

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF.


දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කථානායක චමල් රාජපක්ෂ ඇතුලූ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සම්බන්ධයෙන් ලක් රජය ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් සහ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා දැනුවත් කිරීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව අද දිනයේදී ඊට අදාළ සාකච්ඡාවක් විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

 

මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඇති හැකියාව සහ එය සඳහා ඇති සූදානම පිළිබඳවද මහ ලේකම්වරයා අධ්‍යයනයක නිරතවන බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ. තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මෙවර දිවයිනට පැමිණියේ  තෙවන වතාවටයි.



මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:50

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව... Read More

එළවළු මිල පාලනයට පොලීසියත්
Monday, 25 May 2020 - 13:38

අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක... Read More

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට
Monday, 25 May 2020 - 13:32

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත්... Read More