හොරණ පාසල්වල මුදල් එක්රැස් කිරීම ප්‍රසිද්ධ රහසක්. - විදුර වික්‍රමනායක.

Monday, 11 February 2013 - 18:46

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් පාසලේ තීන්ත ගෑම සඳහා සිය නිවස අසළ වත්තකින් පොල් ගෙඩි 8ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ  ඇති වූයේ පුළුල් කතාබහක්. මේ පිළිබදව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කළා. එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා එහි අඩංගු කරුණු පිළිබදව දැනුම් දීම සඳහා කොළඹ දී අද (11) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී ඔහු කියා සිටියේ මෙම සිද්ධියේදී හොරණ ශ්‍රී මේධංකර විදුහලේ විදුහල්පතිවරයා සහ අදාළ දැරිය ඉගෙනුම ලබන පන්තියේ ගුරුවරිය කිසිදු වරදක් සිදුකර නොමැති බවට පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇති බවයි. මාධ්‍ය හමුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

 

[MP3]s53196_1[/MP3]                                                       

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  විදුර වික්‍රමනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හොරණ ප්‍රදේශයේ ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම ප්‍රසිද්ධ රහසක් බවයි.

 

[MP3]s53196_2[/MP3]                                                                      

 



අදාළ සිද්ධිය වාර්තා වීමෙන් පසුව පළාතේ පාසල්වල සංවර්ධන කටයුතු සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් වන චක්‍ර ලේඛ ඉදිරියේ දී සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.

 

[MP3]s53196_3[/MP3]

 

මේ අතර, රුපියල් 320 ක් පමණ වටිනා පොල් ගෙඩි 8 ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියට එරෙහිව පවරා තිබූ නඩුව ද, අද පැමිණිල්ල විසින් ඉල්ලා අස්කරගනු ලැබුවා. එහිදී හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ ප්‍රකාශ කළේ මෙම සිද්ධියට පුළුල් ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලබාදීම නිසා එම දැරියගේ අධ්‍යාපනයටද බලපෑමක් සිදුකර ඇති බවයි.

 

කෙසේ වෙතත්, පැමිණිල්ල ඉදිරිපත් කළ ඉඩම් හිමියා සිය පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීමට එකඟ වූ නිසා අදාළ නඩුව ඉවත් කර ගැනීමට පොලීසිය ද මැදිහත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ.

 
[MP3]s53196_4[/MP3]



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More