එක්ව සටන් කරමු. - වෙන්ව ඡන්දය ඉල්ලමු. - රනිල්.

Monday, 11 February 2013 - 18:55

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.+-+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ආණ්ඩුව පෙරළීමට එක්ව කටයුතු කර මැතිවරණ සඳහා වෙන් වෙන්ව තරග වැදීමට සූදානම් විය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂයේ විරෝධය නමින් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි වැඩකටයුතු සදහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට කොළඹ දී අද (11) එක්වෙමින්. මෙම ඒකාබද්ධ දේශපාලන එකමුතුවට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නව සම සමාජ පක්ෂය, නව සිහල උරුමය ඇතුළු දේශපාලන පක්ෂ 11ක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ද එක්වුණා. විපක්ෂයේ විරෝධය වෙනුවෙන් කරුණු 7කින් යුත් එකඟතාවයකට මෙහිදී එළැඹීම ද විශේෂත්වයක්.  එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

 
[MP3]s53198_1[/MP3]

 

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.

 

[MP3]s53198_2[/MP3]

 

එම අවස්ථාවට එක්වූ අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර සහ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මෙලෙස අදහස් දැක්වූවා.

 
[MP3]s53198_3[/MP3]