මොරටුව OIC ඇතුළු 4 දෙනෙකුගේ වැඩ තහනම්.

Tuesday, 12 February 2013 - 7:42

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+OIC+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු ප්‍රධාන තනතුරු දරණ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා. රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත මෙම පොලිස් නිලධාරීන්ගේ ඊයේ (11) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ.

rn

මොරටුව පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව සදහන්. පෙරේදා දිනයේ මෙම පොලිස් නිලධාරීන් සිව් දෙනා රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කිරීමට පියවර ගත්තා. ඉන් අනතුරුව ඊයේ (11) දිනයේ දී මොවුන්ගේ වැඩ තහනමට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. මොරටුව - එගොඩඋයන සුනන්දෝපානන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ මෙහෙය වනු ලැබුවේ ද මෙම නිලධාරීන් විසින්.



ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින්
Thursday, 04 June 2020 - 10:36

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් ද ෆිනෑන්ස් සමාගම... Read More

ආදායම් බදු, දඩ සහනයට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය
Thursday, 04 June 2020 - 10:24

කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදී එනම් 2020 ජුනි මස... Read More

මුන්දලමේදී නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Thursday, 04 June 2020 - 9:59

මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලාගිය බව... Read More