පොදුරඳ මඩුලූ සමුළුව ගැන හෙට නිවේදනයක්.

Tuesday, 12 February 2013 - 7:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා ශ්‍රී ලංකාවට පැමිණියේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත රාජ්‍ය නායක සමුළුව පිළිබදව ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩලයට අදාළ පොදු කරුණු පිළිබදව සාකච්ඡා කිරීමට බව එහි මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. රාජ්‍ය නායක සමුළුවේ සංවිධානාත්මක සූදානම ඇගයීම සහ සමුළුවේදී ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් අපේක්ෂා කරන ප්‍රතිඵලය පිළිබදව සාකච්ඡා කිරීම ද එහි අරමුණක්. අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය බෙදීම වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය අගයන් සහ මූලධර්ම ඉදිරියට ගෙන යාම පිළිබදව සාකච්ඡා කිරීම ද මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී අපේක්ෂා කෙරුණු බව මහලේකම් කාර්යාලය සඳහන් කළා.

rn

අදාළ කරුණු සියල්ල මහලේකම් කමලේෂ් ෂර්මා දිවයිනට පැමිණීමට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ නිළ ප්‍රකාශක රිචඞ් ඌකු විසින් පෙබරවාරි 10 වන දා නිකුත් කළ බවත්, එම නිවේදනයේ සඳහන්. කෙසේ නමුත් මහලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ශ්‍රී ලංකා සත්කාරකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුනොකළ බවත් මහලේකම් කාර්යාලය අවධාරණය කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මාගේ ශ්‍රී ලංකා සංචාරය නිමාවේදී එනම් හෙට සමුළුව පිළිබදව නිවේදනයක් නිකුත් කරන බව මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (11) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා.

[MP3]s53215[/MP3]



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More