දිනා ගත් සාමය ආරක්ෂා කිරිම වැදගත්. - දයාන් ජයතිලක.

Tuesday, 12 February 2013 - 8:11

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A.+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A.

යුද්ධය ජයග්‍රහණය කළ පරිදිම දිනා ගත් සාමය ආරක්ෂා කර ගැනීම ද වැදගත් බව ආචාර්ය දයාන් ජයතිලක පවසනවා. මෙරට නූතන දේශපාලනයේ සහ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන, ආන්දෝලනාත්මක චරිතයක් ලෙසයි ආචාර්ය දයාන් ජයතිලක සැලකෙන්නේ. 13 වන සංශෝධනය යටතේ පිහිටවනු ලැබූ පළමු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් හෙඹවූ ඔහු, ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළා. ඔහු අවසන් වරට කටයුතු කළේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසයි. හිරු ප්‍රවෘත්ති අංශය සමග ඔහු විශේෂ සාකච්ඡාවකට ඊයේ එක්වුණා. ලබන මාර්තු මාසයේ දී රැස්වන ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට රජයට හැකියාවක් පවතින්නේ ද යන්න හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසා සිටියා. ඊට ආචාර්ය දයාන් ජයතිලක ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

[MP3]s53220_1[/MP3]                                                                              

කෙසේ වෙතත්, මහනුවර ප්‍රදේශයේ ඊයේ (11) පැවැති උත්සවයකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කළේ ජාත්‍යන්තර අභියෝග හමුවේ කිසිවිටෙකත් රජය හිස නොනමන බවයි.

[MP3]s53220_2[/MP3]



ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ
Saturday, 30 May 2020 - 7:59

අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා... Read More

රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කරයි
Saturday, 30 May 2020 - 7:56

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සූදානමින්... Read More