මාතලේ සමූහ මිනීවලේ කැණීම් අවසන්. එ.ජා.පයෙන් ජ.විපෙට චෝදනා.

Tuesday, 12 February 2013 - 18:29

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


මාතලේ මහ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වලේ කැණීම් කටයුතු අදින් අවසන් වුණා. කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ සමූහ ඇටසැකිලි පරීක්ෂණ සිදුකිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි. සමූහ මිනීවලේ තිබී හමුවු ඇටසැකිලි සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වන පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව.

[MP3]s53264_1[/MP3]

පසුගිය නොවැම්බර් මස 26 වැනිදා සිට මේ දක්වා කරන ලද කැණීම්වලින් සමූහ මිනී වලේ තිබී මිනිස් අස්ථි කොටස් 154 ක් සොයාගත්තා. එයින් 141 ක්ම හිස් කබල් සහි අස්ථි කොටස් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 2012 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මාතලේ මහ රෝහල් භූමියේ ජීව වායු ඒකකය ඉදි කිරීමට භූමිය සකස් කිරීමට යාමේදියි පළමුව මෙම අස්ථි කොටස් හමුවුණේ.  ඒවායේ කාල නිර්ණය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් විදේශ වෛද්‍යවරුන්ගේ සහය ලබාගන්නා බව මීට පෙර පොලීසිය සඳහන් කළා.

මාතලේ මහරෝහල් භූමියේ සිදුකළ කැණීම්වලදී මිනිස් අස්ථි කොටස්වලට අමතරව අඟුරු කොටස් ද හමුවූ අතර එම අඟුරු කොටස් විශේෂ කාබන් පරීක්ෂාවක් සඳහා විදේශ පරීක්ෂණාගාරයක් වෙත යොමු කරන බවයි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මීට පෙර සඳහන් කළේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ අද පැවත්වූ මාධ්‍ය හමුවකදී ද මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එම මාධ්‍ය හමුවට එක්වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ මාතලේ සමූහ මිනී වල දේශපාලනීකරණය කර ඇති බවයි.

මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා. ඔවුන් කියා සිටියේ මෙම සමූහ මිනී වල 1987 - 89 කාල වකවානුවට අයත් බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ පසුගියදා මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

 [MP3]s53264_2[/MP3]                                   

කෙසේ වෙතත් මේ පිළිබඳව කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න.

[MP3]s53264_3[/MP3]                                  



බස්නාහිර පළාතේ වැටලීම්වලින් 697 දෙනෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 10:34

බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා කාලය... Read More

පෞද්ගලික බස් මගීන්ට රක්ෂණාවරණයක් ! (වීඩියෝ)
Monday, 01 June 2020 - 10:30

පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන්... Read More

කොරෝනා නිසා නැගෙනහිර අවතැන්ව වූ ඉන්දියානුවන් 160ක් සිය රටට
Monday, 01 June 2020 - 10:20

කොරෝනා වසංගතය හේතුවෙන් නැගෙනහිර පළාතේ අවතැන්ව සිටි ඉන්දියානු... Read More