පොලීසිය නොදන්නා නීතියක්. පොල් ගෙඩි 8, උසාවි ගිය හැටි හෙළිවෙයි.

Tuesday, 12 February 2013 - 18:36

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.++%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+8%2C+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් පාසලේ තීන්ත ගෑම සඳහා සිය නිවස අසළ වත්තකින් පොල් ගෙඩි 8ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ  ඇති කතාබහ තවමත් නිමවී නැහැ. මෙම සිද්ධියේදී පොලීසිය ක්‍රියාකළ ආකාරය පිළිබඳව විවිධ අදහස් පළවුණා. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය අද පැහැදිළි කිරීමක් කළා.

මෙම දැරිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමේදී පොලීසිය නිසි දැනුවත් කමකින් තොරව කටයුතු කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. සමථ මණ්ඩල පනතේ සංශෝධන අනුව බාල වයස්කාර දැරියකට රුපියල් 5000 කට අඩු වටිනාකමකින් යුත් සොරකමක් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනත් තත්ත්වයක් පවතිනවා. ඒ පිළිබඳ අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යාංශ ලේකම් කමලිනී ද සිල්වා.

[MP3]s53266_1[/MP3]                         

කෙසේ වෙතත් පොලීසිය ප්‍රකාශ කළේ පැමිණිලිකරු මෙම සිද්ධිය සමථයකට පත් කරගැනීමට අකමැතිවීම නිසා පැමිණිල්ල අධිකරණයට යොමුකළ බවයි. සිද්ධියෙන් පසු ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s53266_2[/MP3]                        

ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු පොලිස් ස්ථානාධිපති විජේසේන විතාන ද මෙම දැරියට අදාළ සිද්ධියේදී පොලීසිය නොදැන සිටි කරුණක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

[MP3]s53266_3[/MP3]                       

පොලීසිය පවතින නීතිමය තත්ත්වය පිළිබඳව නිසි දැනුවත්කමකින් කටයුතු කළයුතු බවයි මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේ.

[MP3]s53266_4[/MP3]                            

කෙසේ වෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ ආණ්ඩුවටයි.
 
[MP3]s53266_5[/MP3]