ජනපති යාපනයේ.

Tuesday, 12 February 2013 - 19:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.



දශක 3 ක් පුරා ජනතාවට දුක් පීඩා ගෙන දුන් ත්‍රස්තවාදයට යළි රට තුළ හිස එසවීමට ඉඩ නොතැබීම සියලූදෙනාගේ වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. සංවර්ධනයේදී ජාති ආගම් බේද වත්මන් රජය නොසලකන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද අමතමින්. ජනතාව වෙනුවෙන් වගකීමෙන් වැඩකිරීම සියලූ නිලධාරීන්ගේ වගකීම වන බවත්, ඔවුන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

 

රැස්වීම අතරතුර පැමිණ සිටි මව්වරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මීට මාස දෙකහමාරකට පමණ පෙර අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම දරුවන් දෙදෙනා නිදහස් කරන ලෙසයි. ඒ පිළිබඳ අවධානය යොමුකල ජනාධිපතිවරයා ඔවුන් නිදහස් කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරින්ට උපදෙස් ලබාදුන්නා. කුමන දේශපාලන මත දැරුවද දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

rn

[MP3]s53272[/MP3]



ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්
Saturday, 30 May 2020 - 16:25

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ... Read More