පාප් ධුර අපේක්ෂකයන් අතර මැල්කම් රංජිත් හිමිපාණන්. - ෆෝබ්ස් සඟරාව.

Wednesday, 13 February 2013 - 8:02

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B7%86%E0%B7%9D%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%8F%E0%B7%80.

පාප් පදවිය සඳහා තේරී පත්වීමට නියමිත කාදිනල්වරුන් අතර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම ද සඳහන් වී ඇතැයි ලොව සුපතල ෆෝබ්ස් සගරාව අනාවරණය කළා. එහි සඳහන්ව ඇත්තේ පාප් පදවිය සදහා සුදුසුකම් සපුරා ඇති කාදිනල්වරුන් 20 දෙනාගේ ලැයිස්තුවට මැල්කම් කාදිනල් රංජිත් තුමාගේ නම ද ඇතුළත්ව ඇති බවයි. 16 වන බෙනඩික් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමත් සමග නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම පාස්කු ඉරිදාට පෙර සිදුකිරීමට වතිකානුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 31 වැනිදා නව පාප් වහන්සේ තෝරා පත් කර ගනු ඇති බවයි ෆෝබ්ස් සගරාව අනාවරණය කළේ. වසර 600කට පසු පාප් වහන්සේවරයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. පාප් ධුරය සඳහා තෝරා පත් කරගනු ලබන්නේ දැනට කාදිනල්වරයෙකු ලෙස කටයුතු කරන හිමිපාණන් වහන්සේ නමක්. මේ වනවිට ලොව පුරා රටවල් 69 ක කාදිනල්වරුන් 203 ක් දෙනෙකු සිටින අතර, ඉන් 120 දෙනෙකු පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම සඳහා ඡුන්දය භාවිත කිරීමට නියමිතයි. මෙහිදී වයස අවුරුදු 80 ඉක්ම වූ කාදිනල්වරයෙකුට ඡුන්දය භාවිත කළ හැකි වන්නේ නැහැ. ඒ අතර, පාප් ධුරය සඳහා තේරී පත්වීමට නම් එම කාදිනල් හිමිපාණන් භාෂා 03 ක් මනාව හැසිරවිය යුතු වනවා. ඒ, ලතින්, ඉතාලි, ඉංගී‍්‍රසි, ස්පාඤ්ඤ සහ ප්‍රංශ යන භාෂාවලින් 03 ක්. කෙසේ වෙතත් ෆෝබ්ස් සගරාව අනාවරණය කළේ ලතින් ඇමරිකාවෙන් මීළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට වැඩි ඉඩක් පවතින බවයි.  

 



මේ අතර, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට නව පාප් වහන්සේ නමක් තෝරා පත්කර ගැනීම සඳහා ඡුන්දය භාවිත කිරීමේ අවස්ථාව ඇති බව කතෝලික ජනසන්නිවේදන විෂය භාර ජාතික අධ්‍යක්ෂ බෙනඩික් ජෝශප් පියතුමන් පවසනවා.

 

[MP3]s53285[/MP3]

 
දහසය වැනි බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් 2010 වසරේ ඔක්තෝම්බර් 21 වැනිදා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කාදිනල්වරයෙකු ලෙස නම් කරනු ලැබුවා. 1947 වර්ෂයේ සිට 1976 දක්වා කොළඹ අගරදගුරු පදවිය හෙබ වූ තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ට 1965 වසරේදී කාදිනල් තනතුර හිමි වූ අතර, උන්වහන්සේ ශ්‍රී ලංකාවේ පළමු කාදිනල්වරයායී.



පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන අධිකරණ නියෝගයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:09

මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය... Read More