එජාප නියෝජ්‍ය නායකයා තෝරා ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද.

Wednesday, 13 February 2013 - 8:04

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් අද (13) විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට එක් පුද්ගලයෙකු පත් කරනවා ද නැතහොත් ඒ සඳහා කිහිප දෙනෙකු පත් කරනවා ද යන්න මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මෙම සාකච්ඡා සඳහා දිස්ත්‍රික් මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසකට ද ආරාධනා කර තිබෙනවා. කෙසේ වුවත් එම පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ නියෝජ්‍ය නායක ධුරය පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ගැටළුකාරී තත්ත්වයක් පැවතුණහොත් 2013 වසර සඳහා නියෝජ්‍ය නායකවරයෙකු පත්වීම සිදුනොවිය හැකි බවයි. කෙසේ වුවත් අද (13) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු විපක්ෂ නායකවරයා හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දීමට නියමිතයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සියල්ල සූදානම්
Thursday, 04 June 2020 - 19:27

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ අනුබුදු මිහිඳුමාහිමියන්ගේ... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 6,597,000ක්
Thursday, 04 June 2020 - 19:13

කොරෝනා ආසාදිතයන් 6,597,530ක් ලොව පුරා රටවලින් වාර්තා වී ඇති අතර,... Read More