වටිනාම ත්‍යාගය නිදහසයි. - ජනපති

Wednesday, 13 February 2013 - 18:53

%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92

ජනතාවට ලබාදිය හැකි ලොකුම තෑග්ග නිදහස බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා. ජනාධිපතිවරයා කියා සිටියේ රජය ජනතාව වෙනුවෙන් ඉටුකළ වැඩ කොටස නොදැක අඩුපාඩු පමණක් දැකීම ඇතමුන්ගේ සිරිත වී ඇති බවයි. කෙසේ වෙතත් ජනතාව වෙනුවෙන් කළහැකි සියල්ල ඉදිරියටද නොපැකිලව ඉටු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ යාපනය මහ රෝහලේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය අද පෙරවරුවේ ජනතා අයිතියට පවරමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

[MP3]s53326_1[/MP3]

ඊයේ පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගම තුළට සංවර්ධනය ගෙන යාමේදී ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්ට දැඩි වගකීමක් පැවරී ඇති බවයි. ඒ පිළිබඳ ඔවුන් නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

[MP3]s53326_2[/MP3]

මේ අතර අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබූ යාපනය සරසවියේ සිසුන් දෙදෙනා අද ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දුන්නා. ඒ ඔවුන්ගේ මව්වරුන් ඊයේ ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමෙන් අනතුරුවයි. තමන්ට නිදහස ලබාදීම පිළිබඳ මෙම සිසුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පුද කළා.
 
[MP3]s53326_3[/MP3]