දිවයින පුරා තද වැසි. ධීවරයන්ටත් අවවාද.

Thursday, 14 February 2013 - 7:45

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

දිවයිනට නිරිත දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් අද දිනයේදිීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි සමග සුළං අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල, මාතර හරහා පොතුවිල් දක්වා ධීවර හා නාවික කටයුතුවලදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ඉල්ලීමක් කළේ.

[MP3]s53348_1[/MP3]

මොණරාගල දිස්ත්‍රික්කයට ඇදහැලූනු අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ ඉදිරි පැය තුළ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බවයි. මීට අමතරව දිවයිනේ තවත් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිටත් විවෘත කර පවතින බව ඔහු තවදුරටත් සඳහන් කළා.

[MP3]s53348_2[/MP3]