පාප් වහන්සේ තෝරාගැනීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්.

Thursday, 14 February 2013 - 12:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පාප්වහන්සේ තෝරාගැනීම සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරයන් සිදුකළ නොහැකි බව කොළඹ අගරදගුරු පදවිය පවසනවා. නිවේදනයක නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂප් පියතුමන් සඳහන් කළේ පාප් පදවිය සඳහා අපේක්ෂක කාදිනල් උතුමන්ලා පිළිබඳව මෙරට මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශිත නාම සම්බන්ධයෙන් කරුණු දැක්වීම කතෝලික සභාවේ පිළිවෙත නොවන බවයි. පාප්වහන්සේ තෝරා ගැනීම සඳහා සියලූ කටයුතු සිදුකරන්නේ කාදිනල්වරුන්ගේ සංසදය විසින් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවන බවද එහි දැක්වෙනවා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පාප් පදවියට පත්වීම සඳහා අවස්ථාව ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් විවිධ ප්‍රකාශ කර තිබුණා. ඊට පිළිතුරු ලෙසයි කොළඹ අගරදගුරු පදවිය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කරන කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂප් පියතුමන්.

 
[MP3]s53372[/MP3]