මිනිස් ජාවාරම මැඩලීමට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව අතර එකගත්වයක්.

Friday, 15 February 2013 - 13:10

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මිනිස් ජාවාරම ඇතුළු දේශ සීමා හරහා සිදුවන අපරාධ මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගය වැදගත් වන බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කළා. බංග්ලාදේශයේ සංචාරයක නිරත මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ඊයේ හමුවූ අවස්ථාවේදීය ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පැවතුණේ සමීප සබඳතාවක්. එය සංස්කෘතිකමය වශයෙන්ද දැකිය හැකියි. එලෙස පවතින ද්වීපාර්ශවික විදුලි සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට බංග්ලාදේශය කැපවී සිටින බව අගමැතිනි ෂික් හසීනා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ද්වීපාර්ශවික වෙළඳ සබඳතා වැඩිදියුණු කරලීම සඳහා ගත හැකි පියවර රැසක් ඇති බවත්, බංග්ලාදේශ අගමැතිනිය ප්‍රකාශ කළා. විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගුවන් හා නාවික සබඳතා දෙපාර්ශවයටම ප්‍රතිඵලදායක වනු ඇති. දෙරට අතර සහායක නාවික සේවා යළි ආරම්භ කළ හැකි බවත්, ඇය පෙන්වා දී තිබෙනවා.

කලාපය තුළ තිරසාර සාමය උදෙසා දුප්පත්කම තුරන් කිරීම සහ සංවර්ධනය වැදගත් වන බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් හමුවූ අවස්ථාවේදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා පෙන්වා දුන්නා. බංග්ලාදේශයේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ වැඩි වශයෙන් මිලදී ගන්නා ලෙසත් අගමැතිනි ෂීක් හසීනා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ද කළා.