ඉදිරියේදී වර්ෂාවේ අඩුවීමක්.

Friday, 15 February 2013 - 13:45

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

දැනට පවතින වැසිබර කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට දිනය වන විට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න.

[MP3]s53445_1[/MP3]

කෙසේ වෙතත්, අයහපත් කාලගුණයෙන් දිවයින පුරා පවුල් 45,918 කට අයත් පුද්ගලයන් එක් ලක්ෂ 34,693 ක් තවදුරටත් පීඩාවට පත්ව තිබෙනවා. දිස්ත්‍රික්ක කිහිපයක වැසි අනතුරු හේතුවෙන් නිවාස 272 කට අලාභ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. සුබසාධන කඳවුරු 24 ක පවුල් 292 කට අයත් පුද්ගලයන් 1060 ක් රඳවා ඇති බවද එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 71 න්  15 ක වාන් දොරටු මේ තවදුරටත් විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත්, ඊයේ දිනයේ විවෘත කළ පරාක්‍රම සමුද්‍රයේ සහ රාජාංගනය යන ජලාශවල වාන් දොරටු මේ වනවිට වසා දමා ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියේ.

[MP3]s53445_1[/MP3]