මෑත කාලයේ දේශපාලන වේදිකාව තුළ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරට එරෙහිව දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරනවා. කොළඹ අද (15) පැවති වරලත් ගණකාධිවරුන්ගේ වාර්ෂික සමුළුවට එක්වූ අමාත්‍ය විමල් වීරවංශ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ආර්ථික ඝාතකයෙකු ලෙස නම් කළා.
[MP3]s53460_1[/MP3]
කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ලේකම්වරයා සහ මාධ්‍යවේදීන් අතර ඊයේ (14) පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කළා.
[MP3]s53460_2[/MP3]
මහනුවර - මැණික්හින්න ප්‍රදේශයේ අද (15) පැවැති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අමාත්‍ය විමල් වීරවංශ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මෙය ජනතාව මුලා කිරීමක් බවයි.
[MP3]s53460_3[/MP3]