EPF මුදල් වැරදි ආයෝජනයට එරෙහි පෙත්සම නිශ්ප්‍රභයි.

Friday, 15 February 2013 - 18:43

EPF+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BA%E0%B7%92.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීමට එරෙහිව වෘත්තීය සමිති 11 ක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නිශ්ප්‍රභ කළා. ඒ, පෙත්සම අද (15) දෙවැනි දිනටත් අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදියි. පෙත්සම නිශ්ප්‍රභ කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම පිළිබදව නිරතුරුවම සාමාජිකයන් දැනුවත් කළ යුතු බවයි. ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.

 

මෙම පෙත්සම ගොනු කර තිබුණේ අන්තර් සමාගම් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 11ක් විසින්. එය ඊයේ (14) දිනයේ දී ද සලකා බැලූණා. පෙත්සම නිශ්ප්‍රභ කිරීමෙන් අනතුරුව  හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ.

 
[MP3]s53461[/MP3]