දෙමළ සන්ධානයෙන් උපවාසයක්.

Friday, 15 February 2013 - 18:45

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

යාපනය - තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙමළ ජාතික සන්ධානය අද (15) උපවාසයක් සංවිධානය කර තිබුණා. ඒ, යුද්ධයට පෙර උතුරේ ජනතාවට හිමිව තිබූ ඉඩම්වල අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලමින්. දෙමළ ජාතික සන්ධානය උපවාසය සිදුකළ ස්ථානයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද පැමිණියා. එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ උතුරේ ආරක්ෂාවට බලපෑමක් නොවන පරිදි එම ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

 

[MP3]s53462_1[/MP3]                                                                                 

 

මේ අතර, උපවාසය සිදුකළ ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් උපවාසයේ නිරත පිරිස්වලට පහර දුන් බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. ඒ පිළිබදව අදහස් දැක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන්.

 

[MP3]s53462_2[/MP3]                                                                          

 

දෙමළ ජාතික සන්ධානය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවයි. තෙලිප්පලෙයි යුද හමුදා කදවුර ඉදිරිපිට කිසියම් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයින් පිරිසක්,  තරුණයන් දෙදෙනෙකුට පහර දෙමින් සිටියදී එය සමථයකට පත් කිරීමට පමණක් යුද හමුදා සාමාජිකයින් මැදිහත් වූ බව හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කළා.  

 

[MP3]s53462_3[/MP3]