සන්ඬේලීඩර් වාර්තාකරුවෙකුට ගල්කිස්සේ දී වෙඩි.

Saturday, 16 February 2013 - 7:46

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AC%E0%B7%9A%E0%B6%BD%E0%B7%93%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92.

සන්ඬේලීඩර් පුවත්පතේ වාර්තාකරුවෙකුට ඊයේ (15) රාත්‍රී 11.30ට පමණ නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි. ගල්කිස්ස - හෝටල් පාරේ ඔහු සතු  ඕෂන් බ්ලූ හෝටලයට පැමිණි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියා. ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.