සන්ඬේ ලීඩර් මාධ්‍යවේදියාට එල්ලවූ ප්‍රහාරය ගැන සොයන්න. - ජනපති.

Saturday, 16 February 2013 - 12:47

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AC%E0%B7%9A+%E0%B6%BD%E0%B7%93%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සන්ඬේලීඩර් මාධ්‍යවේදී ෆරාස් ෂව්කුටාලි වෙත ඊයේ (15) රාත්‍රියේ එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා. ඊයේ රාත්‍රී 11.30ට පමණ නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ගල්කිස්ස - හෝටල් පාරේ පිහිටි ඔහු සතු හෝටලයට පැමිණයි. මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ෆරාස් ෂව්කුටාලි ගේ ගෙළ ප්‍රදේශයට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් එහි රැඳී ඇති උණ්ඩයක් ඉවත් කිරීම සඳහා ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිත බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළා. ෆරාස් ෂව්කුටාලි ගේ ජීවිතයට තර්ජනයක් නොමැති අතර වෛද්‍ය අවධානය මැද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඇය තවදුරටත් සඳහන් කළේ.