අතරමං වූ මියන්මාර ජාතිකයන් 38 දෙනෙකු මුදා ගැනේ.

Saturday, 16 February 2013 - 18:21

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+38+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

සංගමන්කන්දට නාවික සැතපුම් 250 ක් පමණ දුරින් වූ නැගෙනහිර මුහුදේ යාත්‍රාවක අනතුරුදායක ලෙස අතරමංව සිටි මියන්මාර ජාතිකයන් 38 දෙනෙකු නාවික හමුදාව අද (16) මුදා ගත්තා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔවුන් මේ වනවිට ගාල්ල නාවික කඳවුර වෙත රැගෙන එමින් සිටින බවයි. ඔවුන්ගෙන් 8 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවත්, ඒ අතර කුඩා දරුවෙකු ද සිටින බවත් ඔහු කියා සිටියා. අනතුරට ලක්ව තිබූ මෙම යාත්‍රාව පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාවට ඊයේ (15) රාත්‍රියේ තොරතුරු ලැබී ඇති අතර අනතුරුව නාවික හමුදාවේ සාගර නෞකාව මෙම මුදා ගැනීමේ මෙහෙයුමට එක්වුණා.

මේ අතර, අක්කරෙයිපත්තුවට නාවික සැතපුම් 50ක් දුරින් වූ නැගෙනහිර මුහුදේ කුඩා යාත්‍රාවක් අනතුරුදායක ලෙස අතරමංව සිටි විදේශිකයන් 138 දෙනෙකු ද නාවික හමුදාව පෙබරවාරි 3 වැනිදා මුදා ගත්තා. ඒ වනවිටත් එක් අයෙකු මියගොස් සිටි අතර අදාළ පිරිස  බංග්ලාදේශ සහ මියන්මාර ජාතිකයන්.