මහ ඇමතිවරුන්, වෙනම අතිරේක ලේකම්වරයෙකු ඉල්ලයි.

Sunday, 17 February 2013 - 7:43

%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


පළාත් සභා කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනම ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඊයේ පැවති ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. 31 වන වරට පවත්වනු ලැබූ ප්‍රධාන අමාත්‍ය සමුළුව ඊයේ පැවැත්වුණේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්සර - පැල්ගහතැන්න පිහිටි ඌව පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේදීයි. එහිදී  මේ වසර සඳහා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේ සභාපති ධුරය දකුණු පළාතට ලබාදී තිබෙනවා. ඊයේ සම්මත කරගත් යෝජනා සහ ඉදිරියට සිදුකිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වාගෙන් විමසීමක් කළා.
 
[MP3]s53544[/MP3]