කච්චතිව් දූපතේ මංගල්‍යයට ත්‍රිවිධ හමුදා ආරක්ෂාව.

Sunday, 17 February 2013 - 12:49

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80.

ඉන්දු - ලංකා ධීවරයන්ගේ සහභාගීත්වයෙන් කච්චතිව් දූපතෙහි ශාන්ත අන්තෝනි දේවස්ථානයෙහි මෙවර පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බව යාපනය යුදහමුදා  ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ පවසනවා. පසුගිය වසරේ දෙපාර්ශවයෙන්ම 5000 ක් පමණ බැතිමතුන් පැමිණි අතර ඉන් 3000 ක් පමණ ඉන්දියාවෙන් පැමිණි අයයි. මෙවර එම සංඛ්‍යාවේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි යාපනයේ ආඥාපතිවරයා සඳහන් කළේ.

[MP3]s53562[/MP3]
 
මෙවර කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය ආරම්භවන්නේ ලබන 22 වැනිදායි. පසුගිය වසරේ පැවති කච්චතිව් වාර්ෂික මංගල්‍යයේදී ඉන්දියානු ධජ එහි රැගෙන ඒමට අවසර ලබාදුන්නේ නැහැ.