ජිනීවා යන කණ්ඩායම නම් කිරීම ඉදිරි සතියේ.

Sunday, 17 February 2013 - 13:07

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 22 වන සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම කියා සිටියේ දැනට එම කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පත්කර ඇති බවයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ මස 25 වැනිදා සිට මාර්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මෙවර සැසිවාරය සඳහා සහභාගි වන්නේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පසුගිය සැසිවාරවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය කණ්ඩායමේ නායකත්වය දැරූ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකා රජයේ විශේෂ නියෝජිත, අමාත්‍ය මහින්ද සමරසිංහගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් තමන්ට ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
 
කෙසේ වෙතත් පසුගිය ජනවාරි මස 31 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුලූ කණ්ඩායමක් සහභාගි වන බවයි.