ඉන්දු - ලංකා ධීවරයන් කල්පිටිය මුහුදේ දී ගැටෙයි.

Sunday, 17 February 2013 - 18:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ඉන්දීය ධීවරයින් සහ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අතර අද (17) පෙරවරුවේ දී කල්පිටිය මුහුදු තීරයේ දී ගැටුමක් ඇති වී තිබෙනවා. ධීවර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ කල්පිටියේ සිට නාවික සැතපුම් 29ක් පමණ ගැඹුරු මුහුදු තීරයේ දී මෙම ගැටුම සිදුවී ඇති බවයි. ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක සිටි ධීවරයන් මුහුදේ මසුන් මරමින් සිටි මෙරට බහුදින ධීවර යාත්‍රා කිහිපයක ධීවරයින්ට පහර දී ඇති බව සදහන්. එම ගැටුම්වලදී අමාතා නම් බහුදින ධීවර යාත්‍රාවට හානි සිදුවී තිබෙනවා. ඉන්දීය ධීවරයින් විසින් මසුන් මැරීම සඳහා මුහුදේ එළා තිබූ දැලක් අතුරුදන්වීම මෙම ගැටුමට හේතු වී ඇති බවයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සැලවීමෙන් අනතුරුව නාවික හමුදාවේ කල්පිටිය - විජය කඳවුරෙන් ප්‍රහාරක යාත්‍රා දෙකක් ද එම ප්‍රදේශය බලා පිටත්ව ගොස් තිබූ බව පොලීසිය සදහන් කළා. කෙසේ වෙතත්, දැනට මෙරට බහුදින ධීවර යාත්‍රා 4ක් කල්පිටිය මුහුදු තීරයට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීට පෙර ද මෙරට ධීවරයන් සහ ඉන්දීය ධීවරයන් අතර මෙම ප්‍රදේශවල ගැටුම් ඇති වී ඇති අතර ඒ පිළිබදව ද ධීවර කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් දැනුවත් කර ඇති බවයි එම ප්‍රදේශයේ ධීවරයන් සදහන් කළේ.