ලක්ෂ 7ක් නොමැතිව ශ්‍රී ලාංකිකයෙකු කටාර්හි දී මරණය අභියස.

Sunday, 17 February 2013 - 18:51

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83.

කටාරයේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන වෙන්ගඩාසලම් සුඬේෂ්කර් වෙනුවෙන් ඉල්ලා ඇති රුපියල් 35 ලක්ෂයක් පමණ වන ලේ වන්දිය එක්රැස් කර ගැනීම ගැටළුවක් වී ඇති බව අන්තර්ජාල වෙබ් අඩවියක් සඳහන් කළා. කෙසේ නමුත් ආසියානු මානව හිමිකම් කමිටුව සහ සුඬේෂ්කර්ගේ පවුලේ සාමාජිකයන් විසින් මේ සඳහා රුපියල් 28 ලක්ෂයක් පමණ එක්රැස් කරගෙන ඇති බව සදහන්. ඒ සඳහා තවත් රුපියල් හත් ලක්ෂයක් පමණ මේ මස අවසන්වීමට පෙර එක්රැස් කර ගත යුතු බවයි ආසියානු මානව හිමිකම් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ. එය මේ මස අවසන්වීමට පෙර අගතියට පාර්ශවය වෙත ලබාදිය යුතුයි. එමගින් තවදුරටත් සදහන් කර ඇත්තේ ගෘහ සේවිකා රිසානා නෆීක්ට අත්වූ ඉරනම ශ්‍රී ලාංකික සුඬේෂ්කර්ට අත්වීමට ඉඩ නොදිය යුතු බවයි.

සුඬේෂ්කර් 2011 වසරේ කටාරය වෙත ගොස් ඇති අතර රැකියාවක් සොයමින් සිටි ඔහුට එහි පළතුරු වෙළදසැලක සුළු රැකියාවක් ලැබී තිබෙනවා. එහෙත් එහිදී ඇති වූ ආරවුලකින් ඔහු කළ පහරදීමක් නිසා ඉන්දීය ජාතිකයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කටාර් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ඔහු 2012 වසරේ දෙසැම්බර් 31 වවන දා වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.  කටාරයේ ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ තියුණු කඩුවකින් ගෙල සිඳලීමෙන්.

තමා භාරයේ සිටි ළදරුවෙකු කිරි සිරවී මිය යාමේ වරදට වසර 6ක් සිරගතවී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් මේ වසරේ ජනවාරි 9 වන දා සෞදි අරාබියේ දී ගෙල සිද මරණයට පත් කරනු ලැබුවා.