නවිපිල්ලේගේ වාර්තාවට රජයෙන් සංශෝධන.

Sunday, 17 February 2013 - 18:52

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1.

සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදල් පිල්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවට ලක් රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා. පිටු 18කින් සමන්විත එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට තාක්ෂණික උදව් සහ මඟ පෙන්විම් ලබාදීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවටයි ප්‍රකාශ කර තිබුණේ. කෙසේ වෙතත්, මෙම වාර්තාවේ නිරීක්ෂණ සහ සංශෝධන 37ක් ලක් රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය වෙත යවා ඇති එම සංශෝධන මගින් අවධාරණය කර ඇත්තේ විශේෂඥ කමිටුව යන වචනය සංශෝධනය කළ යුතු බවයි. ලක් රජය, විශේෂඥ කමිටුව පිළිනොගන්නා බවයි එහි සදහන් කර ඇත්තේ. එම කමිටුව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හෝ ජගත් සංවිධානයේ පිළිගත් ආයතනයක් නොවන බව රජයේ අදහසයි. එම කමිටුව ජගත් මහලේකම්වරයාට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට පත් කළ කමිටුවක් පමණක් බව ලක් රජය පෙන්වා දෙනවා. එම කමිටුව මගින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි ලක් රජය යොමු කළ සංශෝධනයේ දැක්වෙන්නේ.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ එවැනි සංශෝධනයක් ලක් රජය විසින් ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇති බවයි.
 
පසුගිය බදාදා ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව මගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මගින් මෙරට නීතිය ශක්තිමත් කිරීම හා සංහිඳියාව වෙනුවෙන් ඉදිරිපත් කළ නිර්දේශ ලක් රජය නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කර තිබෙනවා. තෝරාගත් නිර්දේශ කිහිපයක් පමණක් ලක් රජය ක්‍රියාත්මක කර ඇති බවද ජගත් මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් පෙන්වා දුන්නේ.