පාසල්වල සිසුන්ට දැඩි දඩුවම් ලබාදීම වළක්වා සිසුන් නිවැරදිව විනයානුකූල කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. එළඹෙන සතියේ දී අධ්‍යාපනය පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරිය සඳහන් කළේ.
[MP3]s53600_1[/MP3]
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දා ජංගම දුරකථනයක් රැගෙන ආ වරදට පන්ති තහනමට ලක්වීම නිසා සිත් තැවුලට පත්වූ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ සිසුවියගේ මියයාමයි. 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය අදාළ සිදුවීමෙන් ඇති වූ සිත් තැවුල හේතුවෙන් වස පානය කර සිය දිවි හානිකරගෙන තිබුණා. මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කළා.
මේ අතර, මෙම පුවත හිරු ප්රවෘත්ති අංශය මගින් වාර්තා කිරීමත් සමග ඊයේ පස්වරුවේ අප අමතනු ලැබුවේ මිනුවන්ගොඩ - ගල්කන්ද - හොරන්පැල්ල ප්‍රදේශයේ පදිංචි පියෙක්. බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කම්කරු ලෙස සේවය කරන ලලිත් සේනාරත්න මීට පෙර සිදුවීම වාර්තා වූ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේම විදුහල්පතිනියගෙන් වර්ෂා සේනාරත්න නැමැති තම දියණියට සිදුවූ අසාධාරණයක් පිළිබද හිරු ප්රවෘත්ති අංශයට අනාවරණය කළා.
[MP3]s53600_2[/MP3]
වර්ෂා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් පසුවන දැරියක්. ඇයගේ මානසික අසමතුලිතතාවය සුව වී ඇති බවට වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබෙනවා. එහෙත් මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇය යළි පාසලට ඇතුළත් කර ගැනීමට අවසර ලබානොදෙන බවයි වර්ෂාගේ පියා වන ලලිත් සේනාරත්න පවසන්නේ. මේ පිළිබදව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත ද ඔහු පැමිණිලි කර තිබෙනවා.
[MP3]s53600_3[/MP3]
මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් පාසල් වරම් අහිමි කර ඇති වර්ෂා ද හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.
[MP3]s53600_4[/MP3]
කෙසේ වෙතත්, මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එල්ල වන මෙම චෝදනා පිළිබදව ඇයගෙන් විමසීමට හිරු ප්රවෘත්ති අංශයට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණේ ඇය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
හිරු ප්රවෘත්ති අංශය, දරුවන්ට දඩුවම් කිරීම පිළිබදව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්ගෙන් අදහස් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ පිරිසක් ඉදිරියේ දරුවන් වරදින් මුදවා ගැනිමේදී ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා මානසිකත්වය ආරක්ෂා කිරීම අතිශය වැදගත් බවයි.