මාර්තු 31 ට පෙර හලාල් ඉවත් කරගන්න. බොදුබල සේනා.

Monday, 18 February 2013 - 7:56

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+31+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F.


ලබන මාර්තු 31 ට පෙර මෙරට ව්‍යාපාරවලින් හලාල් සහතිකය ඉවත් කරගතයුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානය මහරගම නගරයේදී ඊයේ කැඳවා තිබූ සමුළුවකදී එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියා. කුමන බලවේග හමුවේ හෝ ජාතියට නායකත්වය ලබාදෙන කාර්ය භාරය අත්නොහරින බව උන් වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.  

[MP3]s53602_1[/MP3]

මේ අතර, එක්සත් භික්ෂු පෙරමුණ ඊයේ කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන සංවිධායක පූජ්‍ය මාළඹේ සීලරතන හිමි කියා සිටියේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න හට ගනිමින් නැවත රට භීෂණ යුගයකට යමින් පවතින බවයි.

 
[MP3]s53602_2[/MP3]