ලිබියානු කැරැල්ලට වසර 2 යි.

Monday, 18 February 2013 - 8:12

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+2+%E0%B6%BA%E0%B7%92.



ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆි ගේ රජයට එරෙහිව එරට තුළ ඇතිවූ අභ්‍යන්තර කැරැල්ලට ඊයේ දිනයට වසර 2 ක් සැපිරුණා. එය ලිබියානු වත්මන් රජයේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ලිබියාවේ - බෙංගාසි නුවරදී සැමරුණු බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ. මෙම සැමරුම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති ලිබියාවේ වත්මන් නායක මොහොමඞ් මෙගාරිෆ් සඳහන් කර ඇත්තේ ලිබියාව වර්තමාන තත්ත්වයට පත්කරගැනීම සඳහා ජීවිත පූජා කළ සියලූදෙනා මෙම දෙවර්ෂ පූර්ණ සැමරුමේදී සිහිපත් කළයුතු බවයි. පසුගිය 2011 වසරේ පෙබරවාරි 17 වැනිදා ගඩාෆිගේ රජයට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ අතර 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලිබියානු හිටපු නායක මුවම්මර් අල් ගඩාෆි ජීවිතක්‍ෂයට පත්වුණා.