අමාත්‍යාංශයෙන් බව පවසා විශ්‍රාමික නිලධාරියෙකු ඖෂධ ජාවාරමක.

Monday, 18 February 2013 - 12:54

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් තනතුරක් දැරූ විශ්‍රාමලත් උසස් නිලධාරියෙකු රජයේ ඖෂධ මිලදීගැනීමේ වැඩපිළිවෙලට නීතිවිරෝධී ලෙස මැදිහත් වී ව්‍යාජ ලෙස මෙරටට ඖෂධ ආනයනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමෙන්.

රෝහල්වල ඇතිවන ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා රජයකින් රජයකට ඍජුව ඖෂධ මිලදී ගැනීමට රජය තීරණය කළේ සමාගම් හරහා ඖෂධ මිලදී දී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා වලක්වාගැනීම සඳහායි. ඒ අනුව ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබුණා. මේ පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා ඉන්දියාවේ සිදුකළ සංචාරයකදී එරටට පැමිණ සිටි බංග්ලාදේශයේ සෞඛ්‍ය අමාත්‍යවරයාද මුණගැසී තිබෙනවා. එහිදී බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවන ලද නියෝජිතයා සමග අදාළ ඖෂධ සැපයීමේ ක්‍රමවේදය පිළිබදව  මේ වනවිටත් එකඟතාවයකට පැමිණ ඇති බවයි.

එහෙත් එහිදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පෙන්වා දී ඇත්තේ එවැනි සාකච්ඡාවක් සඳහා තමන් කිසිදු නිලධාරියෙකු බංග්ලාදේශය වෙත යවා නොමැති බවයි. පසුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය සේවයෙන් විශ්‍රාමලත් උසස් නිලධාරියෙකු බංග්ලාදේශයට ගොස් තමන් අදාළ ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජිතයා ලෙස පෙනී සිට ඇති බවයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාළ විශ්‍රාම ලත් නිලධාරියාට හැකියාව ලැබුණේ නම් ඔහුට විශාල කොමිස් මුදලක් හිමිවීමට නියමිතව තිබූ බවයි වාර්තාවන්නේ.