අත්තනගල්ලෙන් පැහැර ගත් පුද්ගලයාගේ සිරුර රුවන්වැල්ලෙන් හමුවෙයි.

Monday, 18 February 2013 - 18:45

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අත්තනගල්ල ප්‍රදේශයේ දී අද (18) අලූයම පැහැර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් රුවන්වැල්ල - ගල්බැම්ම ප්‍රදේශයේ තිබී අද (18) දහවල් පොලීසිය විසින් සොයා ගනු ලැබුවා. අත්තනගල්ල - වල්පොළ - වෙලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අද (18) අලූයම පැහැර ගෙන තිබුණේ ආයුධ සන්නද්ධව වැන් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින්. වනිගනෙත්ති මලිත් නිරෝෂන් නැමැති 37 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිට්ටඹුව නගරයේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගි වී යළි නිවසට පැමිණි පසු මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙනවා. නිරෝෂන්ගේ ඥාතීන් ප්‍රකාශ කළේ ටී - 56 වර්ගයේ ගිනි අවි සමග නිට්ටඹුව පොලීසියෙන් යැයි පවසමින් සිවිල් ඇදුමෙන් සැරසුණු පුද්ගල කණ්ඩාමක් විසින් මෙම පැහැර ගැනීම සිදුකළ බවයි. අදාළ සිද්ධිය වන අවස්ථාව වන විට දී නිවසේ සිට ඇත්තේ මිය ගිය නිරෝෂන්ගේ බිරිද සහ පුතුන් දෙදෙනා පමණයි. සිද්ධිය ඇසින් දුටු මිය ගිය නිරෝෂන්ගේ පුතෙකු ඒ පිළිබදව මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්  දක්වා සිටියා.  

 

[MP3]s53642_1[/MP3]

 

නාඳුනන පිරිසක් විසින් සිය ස්වාමියා පැහැර ගෙන ගිය පසු බිරිද ඇතුළු නිවැසියන් නිට්ටඹුව පොලීසියට සහ අනෙකුත් පොලීසිවලට ගොස් සොයා බැලීමක් සිදුකළ ද ඔවුන්ට නිරෝෂන් හමුවී නැහැ. පැහැර ගැනීම සම්බන්ධයෙන් නිරෝෂන්ගේ බිරිද නිට්ටඹුව පොලීසියට පැමිණිල්ලක් සිදුකළේ ඉන් අනතුරුවයි. වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වන මොහු පුද්ගලයින්ට මුදල් පොලියට ලබාදී තිබෙනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් ප්‍රකාශ කළේ මිය ගිය පුද්ගලයා තම  පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු බවයි.

 

[MP3]s53642_2[/MP3]

 


රුවන්වැල්ල - පොලිස් බල ප්‍රදේශයේ ඌරාපොළ - රුවන්වැල්ල ප්‍රධාන මාර්ගයේ ගල්බැම්ම ප්‍රදේශයේ රබර් වත්තක දමා ගොස් තිබියදී හමුවූ මලිත් නිරෝෂන්ගේ සිරුර පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (18) පස්වරුවේ සිදුකෙරුණේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහගේ ප්‍රධානත්වයෙන්. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩිගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. මිය ගිය පුද්ගලයාට එරෙහිව පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.