ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව කරළියට.

Monday, 18 February 2013 - 18:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවේ ඇතැම් කරුණු මාධ්‍ය වාර්තා මගින් හෙළිදරව් කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය විසින් ද අද (18) ඒ පිළිබදව ප්‍රසිද්ධියක් ලබාදී තිබූ අතර, ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ද ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික ප්‍රයත්නයක නිරත වන බවයි. මාධ්‍ය වෙත ලැබී තිබූ ඇමරිකානු යෝජනාවේ ඇතුළත් ප්‍රධාන කරුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදිය යුතු බවයි. විශේෂයෙන් යහපාලනය හා මානව හිමිකම් පිළිබද ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි විය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අත්තනෝමතික වධ බන්ධන සහ ඝාතන පිළිබද සොයාබලන ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන්ට ද ලක් රජයේ විශේෂ අවසරයකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු බව ඇමරිකානු යෝජනාවට ඇතුළත් වන බව සඳහන්.