මහාචාර්ය ගාමිණී සමරනායක නිදහස්.

Monday, 18 February 2013 - 19:29

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක අධිකරණයට අපහසා කළ බවට පවරා තිබූ නඩුවකින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ඔහු නිදහස් කර තිබෙනවා. ඒ, අගවිනිසුරු මොහාන් පීරිස්, පී.ඒ. රත්නායක සහ ප්‍රියසාත් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව කැදවූ අවස්ථාවේදියි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ සිසුන් 16 දෙනෙකු මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. ඒ, 2011 වසරේ උසස් පෙළ විභාගයේ ඉසෙඞ් අගයන් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් කඩිනමින් ක්‍රියාත්මක නොකිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ හිටපු සභාපතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පවසමින්. විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා ප්‍රකාශ කළේ අදාළ නඩු තීන්දුව අනුව සිසුන් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුකරන බවයි. කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.