අකුරැස්ස හිටපු සභාපතිගේ අපයෝජන නඩුව මාතරින් කොළඹට.

Tuesday, 19 February 2013 - 7:40

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.

වයස අවුරුදු 14ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.එල්. සුනිල්ට එරෙහිව එල්ල වී ඇති නඩුව කොළඹ මහාධිකරණය වෙත මාරු කිරීමට තීරණය වී තිබෙනවා. දැනට මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වන අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි එය කොළඹට මාරු කර ඇත්තේ. මෙම නඩු විභාගයේ පැමිණිලි පාර්ශවය නීතිපති දෙපාර්තමේන්තුවට කළ ඉල්ලීමක් එහි නිලධාරීන් විසින් සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නිර්දේශය ලබා දී තිබෙනවා. පසුගිය වසරේ මැයි මස 23 වැනිදාත් 30 වැනිදාත් අතර දිනකදී අකුරැස්ස නගරයේ පිහිටි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අයත් තාවකාලික ලැගුම්හලකදී දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් 2012 ජුලි මස  04 වන දින මාතර ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.  
 
ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පසුගිය වසරේ සැප්තැම්බර් 10 වන දා ඇප මත මුදා හරිනු ලැබූ අතර, නඩු විභාගය මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාතර මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවා.