අලූත් සන්ධානයට අපි බය නැහැ. - CWC

Tuesday, 19 February 2013 - 8:35

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+CWC

වතු කම්කරුවන් වෙනුවෙන් සටන් කිරීමට කුමන සන්ධාන පිහිටුවා ගත්ත ද ඉන් නොසැලෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ කම්කරු කොංග්‍රසය සැමදා වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නව සන්ධානයක් ඊයේ (18) කොළඹ දී පිහිටුවා ගනු ලැබුවා. ඒ, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ වතු කම්කැර වෘත්තීය සමිති 16ක සහභාගීත්වයෙන්. කෙසේ නමුත් මෙම නව සන්ධානය බිහි කර ඇත්තේ මෙතෙක් වතුකම්කරුවන් නියෝජනය කරමින් වතු හාම්පුතුන් සමග සාමූහික ගිවිසුමට අත්සන් තැබූ ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයට එරෙහිවයි. එහිදී අදහස් දැක්වූ ජාතික කම්කරු සංගමයේ නායක පී. දිගම්බරන් ප්‍රකාශ කළේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඉදිරියේ දී දැවැන්ත ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

[MP3]s53665_1[/MP3]

මන්ත්‍රීවරයාගේ එම අදහස් දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

[MP3]s53665_2[/MP3]