ඉරානයේ බුදු පිළිම තහනම්.

Tuesday, 19 February 2013 - 8:14

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඉරාන රාජ්‍යය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතා කිරීම සහ අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. බුදුදහම ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉරානය රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඇතුළු විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කරනවා. මේ අතර ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර තිබූ සියලූ බුද්ධ ප්‍රතිමා මේ වන විට රාජසන්තක කර ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් පවසනවා. ඉරානය තුළ බුදුදහම ආගමක් ලෙස ඇදහීම සිදුනොවූවත් බොහෝ පිරිස් අලංකරණය සඳහා බුද්ධ ප්‍රතිමා භාවිතා කරන බවයි වාර්තා වන්නේ. ඊට අවශ්‍ය බුද්ධ ප්‍රතිමා චීනයෙන් ගෙන්වා ගන්නා බව සඳහන්.