මිනුවන්ගොඩ සිසුවියගේ දිවි නසාගැනීම ගැන කඩිනම් වාර්තාවක් ලබාදෙන්න. ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයාට නියෝග.

Tuesday, 19 February 2013 - 18:34

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.++%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.


ජංගම දුරකථනයක් රැගෙන ඒම නිසා පන්ති තහනමකට ලක්වීමෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ සිසුවිය සම්බන්ධයෙන් අද පැවති අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී දැඩි අවධානයක් යොමුවුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමත් සමගයි. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා මීළඟ උපදේශක කාරක සභාවේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබෙනවා.  උපදේශක කාරක සභාවට සහභාගිවීමෙන් අනතුරුව මන්ත්‍රීවරිය හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

[MP3]s53709_1[/MP3]

වෛද්‍ය, නීතීඥ සහ ගුරු යන වෘත්තීන්හි නොසැලකිලිමත්කම පිළිබඳව මේ වනවිට සමාජයට ඇතිව තිබෙන්නේ පුළුල් සංවාදයක්.
 
[MP3]s53709_2[/MP3]