ක්‍රීඩා පුහුණුවේදී රෝගාතුර වූ සිසුවිය මිය යයි.

Tuesday, 19 February 2013 - 19:03

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පාසල් වේලාවෙන් පසු ක්‍රීඩා පුහුණුවීම් අතරතුර රෝගී වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය මොරටුමුල්ලේ 13 හැවිරිදි සිසුවියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වුණා. එහිදී අනාවරණය වී ඇත්තේ වම් සහ දකුණු පෙණහළු එකිනෙකට වෙනස් විශාලත්වයෙන් යුතුව පිහිටීම මෙම මරණයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

මොරටුමුල්ල - විල්ලෝරාවත්ත ඥාණේෂ්වර බෞද්ධ විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය ඊයේ කලාප ක්‍රීඩා තරඟ සඳහා පුහුණු වීම්වල නිරතවී සිටියේ සිය පාසලේම ක්‍රීඩාංගණයේයි. එම විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියගේ අක්කාද ඇය සමගම පුහුණුවීම්වල නිරතව සිටියා. ක්‍රිඩාභාර ආචාර්යවරියද ඔවුන් සමග සිටි අතර සිසුවිය එක්වරම තමන් දැඩි අපහසුවක් දැනෙන බව සිය සහෝදරියට දැනුම් දී තිබෙනවා. පසුව ඇයව ලූණාව රෝහලට ඇතුළත් කළා. පසුව කළුබෝවිල රෝහල වෙත ඇය ගෙනයමින් සිටියදී මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිය සහෝදරියගේ අවාසනාවන්ත මරණය පිිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූයේ 14 හැවිරිදි ඇගේ සොයුරිය වන රෂ්මි සංජනායි.

[MP3]s53718[/MP3]

කළුබෝවිල රෝහලේදී අද පැවති පශ්චාත් මරණ පරීක්ෂයෙන් අනාවරණය වූයේ මියගිය සිසුවියගේ පෙණහළු යුගලය එකිනෙකට වෙනස් විශාලත්වයන්ගෙන් යුක්තව පිහිටා තිබූ බවයි. ඒ අනුව ඇයට අධික තෙහෙට්ටුව දරාගැනීමට නොහැකි බවද එහිදී අනාවරණය වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories