චැනල් ෆෝ නාළිකාව ගැන ඉන්දියාවටත් සැකයක්.

Wednesday, 20 February 2013 - 12:42

%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%B1%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

චැනල් ෆෝ නාලිකාව විසින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයෙකු වන බාලචන්ද්‍රන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර ඇති තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කළ නොහැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පවසනවා. හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ. විශේෂයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කරන මෙම තොරතුරු නිර්මාණාත්මක චෝදනා ද යන්න සලකා බැලිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ්ගේ අදහසයි.

 

මේ අතර, දෙමළ ඊලමක් සඳහා වූ ටෙසෝ සංවිධානයේ තවත් සමුළුවක් ලබන මස 07 වනදා නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. තමිල්නාඩු විපක්ෂ නායක එම්. කරුණානිධිගේ ප්‍රධානත්වයෙන් සමුළුව මෙවර සංවිධානය කර ඇත්තේ සිව්වන වරටයි. මෙවර සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයට ඇමරිකාව විසින් ගෙන එන යෝජනා සහ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයෙකු වන බාලචන්ද්‍රන් සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව සිදුකර ඇති ප්‍රකාශය ගැන අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම කාරණා සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට වැඩි බලපෑමක් යොමු කිරීමේ අරමුණින් මෙවර ටෙසෝ සමුළුව නවදිල්ලියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බවයි ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ මහලේකම් ටී.කේ.එස්. ඉලංගෝන් පවසා ඇත්තේ.

 

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ආරම්භවීමට ආසන්න වනවිට සෑම වසරකම චැනල් ෆෝ නාළිකාව මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ. චැනල් ෆෝ නාළිකාව විසින් මේ වනවිට ආරක්ෂක අංශ වෙත එල්ල කරන චෝදනාද තරයේ ප්‍රතික්ෂේප කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ.

 
[MP3]s53759[/MP3]