අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහි විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට භාරදෙයි.

Wednesday, 20 February 2013 - 15:49

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාරදුන්නා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අදාළ යෝජනාව භාරදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින්. ඊට ජෝෂප් මයිකල් පෙරේරා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, චම්පිකා ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු අත්සන් කර තිබෙනවා. අදාළ විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ සෞදි අරාබියේදී මරණ දඩුවම ක්‍රියාත්මක වූ රිසානා නෆීක් වෙනුවෙන් අර්ථාන්විත සහයක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපොහොසත් වූ බවයි. එය අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ විෂය පථයට අයත් ආයතනයක් බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අමාත්‍යවරයා මෙම කරුණ සාවද්‍ය ලෙස කළමනාකරණය කළ බව දක්වා තිබෙනවා. ඒ අනුව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යවරයා වශයෙන් ඔහුට කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයක් නොපවතින බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.